මොකක්ද මේ Radiation Belt Storm Probes – RBSP

අද දවසේ තාරකා විද්‍යාලෝලී බොහෝ දෙනෙකුට අන්තර්ජාලය ඔස්සේ Radiation Belt Storm Probes – RBSP යන්න මුණ ගැසෙන්න ඇති. ඇත්තටම මොකක්ද මේ RBSP ?
විකිරණ පෙදෙසේ කුණාටු අධ්‍යයනය ලෙස මෙය සරලව හදුන්වන්න පුළුවන්. 🙂 මෙය නාසා ආයතනයේ තාරකා සමග දිවිගෙවීම (Living with Stars) ලෙස හඳුන්වන මෙහෙයුමේ එක් අංගයක්. මෙහිදී භාවිතයට ගනු ලබන විමර්ශක පෘතුවිය වටා පිහිටා ඇති ගතික ප්‍රදේශයක් වන Van Allen belts පිළිබද සොයා බැලීමට නියමිතයි. මෙම ප්‍රදේශය විකිරනශීලි ප්‍රදේශයක් වන අතර එහි පැවැත්ම පිළිබද අවබෝධය අනාගත අභ්‍යවකාශ මෙහෙයුම් වල සාර්ථකත්වයට උපකාරීවේවි. සූර්ය විකිරණ වැනි බාහිර විකිරණ හේතුවෙන් සිදුවන අනතුරු වලින් Van Allen belts පෘතුවිය ආරක්ෂා කලත් අභ්‍යවකාශගාමින්ට විවිද අනතුරු (උදා: පිළිස්සුම්) සිදුවීමට මෙම පෙදෙස හේතු වෙනවා.

පහත දැක්වෙන්නේ මෙහෙයුම පිළිබද තවත් දත්ත කිහිපයක්.

  • මෙහෙයුම්කරු – නාසා ආයතනය
  • ප්‍රධාන ගිවිසුම්කරු – Applied Physics Laboratory 
  • මෙහෙයුම් ස්වාභාවය – පෘතුවි විකිරනශීලි පෙදෙසෙහි ස්ථාපිත කරන ගවේෂක දෙකකින් සමන්විතය
  • මෙහෙයුම දියත් කරන දිනය – 2012-08-30
  • ආරම්භක යානය –  Atlas v
  • මෙහෙයුම් කාලය – වසර 2  

මේ පිළිබද වැඩිදුර තොරතුරු මෙහෙයුමේ නිල වෙබ් අඩවියෙන් දැන ගන්න පුළුවන්. මෙහෙයුම දියත් කිරීමට අදාළ වීඩියෝව පහතින්..

Posted in Uncategorized | 1 Comment

ආම්ස්ට්‍රෝන්ග් පවුලෙන් පණිවිඩයක් – FAMILY STATEMENT REGARDING THE DEATH OF NEIL ARMSTRONG

අභාවප්‍රාප්ත නීල් ආම්ස්ට්‍රෝන්ග් වෙනුවෙන් ඔහුගේ පවුලේ සාමාජිකයන් පණිවිඩයක් නිකුත් කර ඇත.  පහත දැක්වෙන්නේ ඉන් උපුටා ගත් කොටස් කිහිපයක පරිවර්තනය හා මුල් නිවේදනයයි.

“මේ සංවේගී අවස්ථාවේ අපි ඔබ සමග නීල් ආම්ස්ට්‍රෝන්ග් මහතා අභාවප්‍රාප්ත වූ පණිවිඩය මෙසේ බෙදාගන්නෙමු. හෘදවාහිනී සංකුලතාවයක් ඊට හේතුවිය.

 නීල් අපේ දයාබර ස්වාමියා, පියතුමා, සීයා, සහෝදරයා හා මිතුරා විය.

මේ මොහොතේදී සංවේග වනු මෙන්ම අපි ඔහුගේ ජීවිතයේ විශිෂ්ටත්වයද සමරන්නෙමු. එය ලොව පුරා විසිරී සිටින තම සිහිනයන් සැබෑ කර ගැනීමට වෙහෙසෙන තරුණයනට ආදර්ශයක් වේ අපි බලාපොරොත්තු වන්නෙමු.

නීල් වෙනුවෙන් කළහැකි දේ කුමක්දැයි අසන පිරිසට අපි කුඩා යෝජනාවක් කරන්නෙමු. ඒ ඔහුට ගෞරව කිරීම සදහාය. පැහැදිලි අහසක් සහිත දිනක එළිමහනේ සිටින ඔබ දෙස බලා සිනාසෙන සඳ දුටු විටක නීල් සිහිකොට ඔහුට අචාර කරන්න

“We are heartbroken to share the news that Neil Armstrong has passed away following complications resulting from cardiovascular procedures.

Neil was our loving husband, father, grandfather, brother and friend.

Neil Armstrong was also a reluctant American hero who always believed he was just doing his job. He served his Nation proudly, as a navy fighter pilot, test pilot, and astronaut. He also found success back home in his native Ohio in business and academia, and became a community leader in Cincinnati.

He remained an advocate of aviation and exploration throughout his life and never lost his boyhood wonder of these pursuits.

As much as Neil cherished his privacy, he always appreciated the expressions of good will from people around the world and from all walks of life.

While we mourn the loss of a very good man, we also celebrate his remarkable life and hope that it serves as an example to young people around the world to work hard to make their dreams come true, to be willing to explore and push the limits, and to selflessly serve a cause greater than themselves.

For those who may ask what they can do to honor Neil, we have a simple request. Honor his example of service, accomplishment and modesty, and the next time you walk outside on a clear night and see the moon smiling down at you, think of Neil Armstrong and give him a wink.”

Posted in Uncategorized | Leave a comment

සදටත් පොළොවටත් ඔහු නොමැති බව දැනේවි..

හැමදේම කවද හරි දවසක නැති වෙලා යනවා. ඒක ඔබට මට වගේම අපි හැමෝටම පොදු දෙයක්. ඔහු සඳ මත පය තැබූ ප්‍රථම මිනිසා. මේ ලඟදි දවසක ඔහුගේ 82 වන උපන් දිනයේදීත් අපි ඔහු ගැන කථා කරා. කොහොම උනත් මරණයෙන් සැඟවී ඉන්න ඔහුටත් හැකි උනේ නෑ..
මෙයට සති තුනකට කලින් හදවතේ සිදු කරන ලද සැත්කමකට පසු රෝහල ගතව සිටි ඔහුට ඊයේ ලෝකයම හැර යන්නට සිදු උනා. නමුත් ඒ හැමදාම අභ්‍යවකාශ විද්‍යා ක්ෂේස්ත්‍රයේ වෙනස් කල නොහැකි තැනක ඔහුගේ නම සනිටුහන් කරමින්. මොකද වෙන කාටවත් සඳට ගිය ප්‍රථමයා වෙන්න බැරි හින්දා.
ඉතින් නීල් ආම්ස්ට්‍රෝන්ග් ඔබට සුභ ගමන්…..

Posted in Uncategorized | Leave a comment

කුතුහලයෙන් අගහරු කරා – Curiosity Rover

පහුගිය දවස්වල තිබුන කාර්ය බහුල කම නිසාම ලිපි ලිවීමත් බොහෝ දුරට මගහැරී ගියා. මේ වන විට මුළු ලෝකයේම අවධානය දිනා ගැනීමට අගහරු වෙත ගිය Curiosity හෙවත් කුතුහලයේ Rover ය සමත්වෙලා. ඔබ මේ වනවිටත් මෙහෙයුම ගැන බොහෝ තොරතුරු දන්නවා ඇති. අගහරු මෙහෙයුම් ගැන අපි කලින් ලිපියකිනුත් කථාකළා. රෝවරය මගින් මේ වන විට පෘතුවියට ඒවා ඇති රූප හා දත්තවල වටිනාකම අමිලයි. අද ඒ ගැන කථාකරනු වෙනුවට එම මෙහෙයුමේදී භාවිතයට ගනු ලබන විශේෂ උපකරණ හා ආම්පන්න ගැන ටිකක් හොයල බලමු. මෙම මෙහෙයුම ප්‍රධාන වශයෙන් හැඳින්වෙන්නේ MSL හෙවත් Mars Science Laboratory ලෙසයි.
 
Cameras –
                          MSL අභ්‍යවකාශ යානය හා රෝවරය සතුව කැමරා උපකරණ 17ක් පවතී. ඒ විද්‍යා කැමරා 5ක් හා ඉංජිනේරු කැමරා 12ක් ලෙසයි. මේ අතර ඇති MAHLI, MARDI ඒකක හා  MastCam  කැමරා 2 විශේෂ වන අතර ඒවා Malin අභ්‍යවකාශ විද්‍යා ඒකකය විසින් නිපදවා ඇත. ඉලෙක්ට්‍රොනික ප්‍රතිරුප සැකසුම් කොටසක්, 1600*1200 CCD  ඒකක හා RGB ආලෝක පෙරහන් ඒකකද මේවා සතුයි.

  • MastCam – කැමරා දෙකක් භාවිත කරමින් බහුවිධ වර්ණාවලි හා සැබෑ වර්ණයන්ගෙන් යුත් ඡායාරූප ලබා දීම සිදු කරයි.
  • MAHLI (Mars Hand Lens Imager) – රෝවර්යේ රොබෝ අතක සවිකර ඇති මෙම කැමරා මගින් අගහරු මතුපිට පාෂණ හා පසෙහි ක්ෂ්ද්‍ර හා පැහැදිලි ඡායාරූප ලබා දෙයි. සූදු සහ පාරජම්බූල LED  මගින් අවශ්‍ය ආලෝකය ලබා ගනී.

  • ChemCam –      දුරස්ථ පාලක සහිත උපකරණ වලට සුදුසු ලෙස නිපදවා ඇති මෙහි ප්‍රථම ලේසර් ප්‍රේරිත වර්නාවලික්ෂ ක්‍රමයද (LIBS) භාවිතාවේ.
  • Alpha-particle X-ray spectrometer (APXS) – ඇල්ෆා අංශු X කිරණ වර්ණාවලිමානය- මෙමගින් රෝවරය මගින් ලබාගන්නා පස් හෝ පාෂණ සාම්පල වෙත ඇල්ෆා අංශු මගින් පහර දෙන අතර එමගින් නිකුත් වන X කිරණ භාවිතා කොට එම සාම්පල වල ඇති මුලද්‍රව්‍ය හා තැනුම් ඒකක පිළිබද අධ්‍යයනය කරයි.
  • CheMin – CheMin යනු ‘Chemistry and Mineralogy’ හෙවත් රසායනවිද්‍යාව හා ඛනිජ විද්‍යාව යන්නෙන් බිදී ආ වචනයකි. X කිරණ විවර්තන හා X කිරණ ප්‍රතිදිපන ඇගයුම් ඒකක වලින් සමන්විතය. විවිධ පාෂණ තුල ඇති ඛනිජ වර්ග හදුනා ගැනීමටත් ඒ හා ජලය අතර ඇති සම්බන්ධය විග්‍රහ කිරීමටත් භාවිතා වනු ඇත. තවද ජිවය පිළිබධ තොරතුරු සොයා ගැනීමටත් උපකාරී වේ.
  • Sample Analysis at Mars (SAM) – අගහරු මතින් ලබා ගන්නා සාම්පල විශ්ලේෂණය කිරීමට භාවිතාවේ. විශේෂයෙන් කාබනික හා වායුමය සංඝටක විශ්ලේෂණය කල හැක. කාබන්ඩයෝක්සයිඩ් හා මීතේන් වැනි වායු විග්‍රහ කිරීම තුලින් ජිවයක පැවැත්ම ගැන තොරතුරු සෙවීම විද්‍යාඥයින්ගේ අරමුනයි.
  • Radiation assessment detector (RAD) – අගහරු මත ඇති විකිරණවල ස්වභාවය හා හිරු මගින් ඒ මත පතනය වන විකිරණ පිළිබද සෙවීමට යොදා ගැනේ. අනාගත සිහිනයක් වන අගහරු මත ජනපද තැනීමේදී මෙම දත්ත වැදගත් වනු නොඅනුමානය.
  • Rover Environmental Monitoring Station (REMS) – මෙමගින් රෝවරය හා එහි වටපිටාවේ පවතින කාලගුණ ස්වභාවය දන ගැනීමට හැකිවන අතර ෆින්ලන්තය හා ස්පාඥයය මගින් ලබා දුන් පාරජම්බුල සංවේදක සහිතය.

    ඉහත විස්තර කර ඇත්තේ රෝවරය හා යානය මගින් භාවිතා කරා ඇති උපකරණ කීපයකි. තවත් තොරතුරු සමග මීලග ලිපියෙන් හමු වෙමු.

    පෙර ලිපිය – http://www.starskytk.info/2012/05/mars-missions-for-life.html

Posted in Uncategorized | Leave a comment

සුභ උපන් දිනයක් නීල් ආම්ස්ට්‍රෝන්ග් – Happy Birthday Mr. Armstrong.

ඇපලෝ 11 යානයෙන් සඳ තරණය කළා යැයි සැලකෙන නීල් ආම්ස්ට්‍රෝන්ග් සඳ මත පය තැබූ ප්‍රථම මිනිසා වීමේ භාග්‍ය උදා කරගත්තා. 1930 අගෝස්තු මස 5 වන දින උපන් නීල් ආම්ස්ට්‍රෝන්ග් අද සමරන්නේ සිය 82 වන උපන් දිනයයි. ඇමරිකා එක්සත් ජනපදයේ ඔහියෝ හි Wapakoneta ප්‍රදේශයේ උපත ලද අම්ස්ට්‍රොන්ග්ගේ 82 උපන් දිනයට starskytk.info අපෙනුත් සුභ පැතුම් එක් කරන්නේ ඔහු අභ්‍යවකාශ තාක්ෂණයේ නව පිටුවක් ලිවීමට දායක වුයෙකු බැවිනි.

Posted in Uncategorized | Leave a comment

පර්සේයිඩ්ස් උල්කාපාත වර්ෂාව – Perseids meteor shower

පර්සේයිඩ්ස් උල්කාපාත වර්ෂාව – Perseids meteor shower

Perseids උල්කාපාත වර්ෂාව මෙම මාසය (2012 අගෝස්තු) තුලදී අහසේ ඔබට නිරීක්ෂණය කල හැකි ඉතා මනරම් සංසිද්ධියක්.   මෙය Swift-Tuttle ධූමකේතුව ආශ්‍රය කරගත් උල්කා වර්ෂාවක් ලෙස දැක්විය හැකියි. මෙයට Perseids ලෙස නම ලැබී ඇත්තේ මෙම උල්කා වර්ෂාවේ කේන්ද්‍රය හෙවත් අපට පෙනෙන පරිදි ආරම්භය ලෙස දිස්වන ස්ථානය  Perseus (පර්ශියස්) තාරකා රාශියට අයත් වීම නිසයි. සැබවින්ම මෙම නම  Perseides යන්නෙන් බිදී ආ කොටසක්.  Perseides යනු ග්‍රීක මිත්‍යා කතා වලට අනුව Perseus ගේ පුතණුවන්.
කුඩා කැබලි හා සුන්බුන් වලින් යුතු මේඝයක් ලෙස දිස් වන කොටස Swift-Tuttle ධූමකේතුවේ ගමන් පථය ඔස්සේ වැටී තිබේ. මෙම වලාව උල්කාවෙන් ගිලිහුණු අංශුන්ගෙන් සමන්විත වන අතර ඒවා වර්ෂ දහස් ගණනක් පැරනිවේ. Swift-Tuttle ධූමකේතුවේ ආවර්ත කාලය වසර 130 කි.

කතෝලිකයන් විසින් ශාන්ත ලෝරන්ස්ගේ කඳුළු ලෙස මෙම උල්කා වර්ෂාව හඳුන්වා ඇත ඒ අගෝස්තු 10 වන දින ශාන්තුවරයන්ගේ ජිවිත පරිත්‍යාගය සිදුවී ඇති බැවිනි. තවද මෙය නිරීක්ෂණය කිරීමේ ඉතිහාසය වර්ෂ 2000ක් දක්වා අතීතයට දිවයයි.
සාමාන්‍යයෙන් සෑම වසරකම ජුලි මැද සිට අගෝස්තු මැද දක්වා මෙම උල්කා වර්ෂාව දැකිය හැකි අතර එහි උපරිම අවස්ථාව අගෝස්තු 9 හා 14 අතර යෙදේ. උපරිම කාලයේදී පැයකට උල්කා 60ක් පමණ නිරීක්ෂණය කල හැක.

Sri Lankan Astronomy 
Posted in Uncategorized | 1 Comment

අගෝස්තු මාසයේ අහසේ තොරතුරු – Night Sky Events for August

දින කිහිපයක් ගත වී ඇතත් මේ මාසයේ ඉදිරි තාරකා විද්‍යා සිදුවීම් ගැන පොඩි දැනුවත් කිරීමක් කරන්නයි මේ සුදානම. අගෝස්තු මාසයේ පුර හඳ පසුගිය පළවෙනිදා අපිට දකින්න පුළුවන් වුනා. අගෝස්තු මාසයේ පුර හඳ සාමාන්‍යයෙන් හදුන්වන්නේ Grain moon ලෙසයි.එමෙන්ම මෙම මාසයේ පොහොයවල් දෙකක් ඇති බව දින දර්ශනය බැලුවොත් ඔබට දැක ගන්න පුළුවනි . එනම් නැවතත් අගෝස්තු 31 වනදා පුර හඳ උදා වෙනවා.මසකට දෙවරක් මෙසේ පුර හඳ දිස්වීම සිදුවන්නේ සඳ ගමනය දින 28 ක චක්‍රයකින් යුතු වීම නිසයි.

Grain moon

අගෝස්තු මස 6 වන දින උදැසන බ්‍රහස්පති මත චන්ද්‍රයන් දෙදෙනෙකුට අදාළ අදුරු ප්‍රදේශ නිරීක්ෂණය කල හැක.

 අගෝස්තු මස 12 වන දින උදැසන අපගේ චන්ද්‍රයා මගින් බ්‍රහස්පති ඇතුළු එහි චන්ද්‍රයන් මුවා වන ආකාරය ඉන්දුනීසියාව, මාර්ෂල් දිවයින් හා සීශේල්ස් ප්‍රදේශ වලට දැකිය හැකියි .

එමෙන්ම අගෝස්තු මස 12 වන ඉරුදින රාත්‍රියේදී Perseid උල්කා වර්ෂාව දකින්න පුළුවන්.. සාමාන්‍යයෙන් Perseid උල්කා වර්ෂාව සැලකෙන්නේ නිරීක්ෂණ ලෝලීන්ගේ බලාපොරොත්තු කඩ නොකරන උල්කා වර්ෂාවක් ලෙසයි. හිරු නැගීමට ආසන්නයේදී එහි උපරිම අවස්ථාවට උදා වනු ඇත.

Perseid උල්කා වර්ෂාව

අගෝස්තු මස 13 වනදා හිමිදිරියේ බ්‍රහස්පති හා සිකුරු ඉතාමත් දීප්තිමත්ව සඳ දෙපසින් දැකිය හැක.

සෙනසුරු හා අගහරු ග්‍රහයන් හා කන්‍යා රාශියේ දීප්තිමත්ම තාරකාව වන Spica (Alpha Virginis) අගෝස්තු මස 14 වනදා සැන්දෑව උදාවීමත් සමග ඉතා ලගින් පිහිටනඅයුරු දිස්වේ.

   අගෝස්තු 16 බුද ග්‍රහයා එය බටහිර අහසේදී ලබාගන්නා උපරිම උස හෙවත් Maximum Elongation අවස්ථාවට එලබීම නිරීක්ෂණය කල හැක.

  අගෝස්තු 24 වනදින නෙප්චුන් ග්‍රහයා හොදින් දැක ගත හැකි අතර දුරදක්නයක් හෝ දෙනිතියක් භාවිතයෙන්  Capricornus, Deneb Algiedi හා Nashira යන තාරකාත් මද්‍යම රාත්‍රියට ආසන්න කාලයේදී නිරීක්ෂණය කල හැක.

රූප සටහන් starry night මෘදුකාංගය ඇසුරෙනි

Sri Lankan Astronomy

Posted in Uncategorized | Leave a comment