පර්සේයිඩ්ස් උල්කාපාත වර්ෂාව – Perseids meteor shower

පර්සේයිඩ්ස් උල්කාපාත වර්ෂාව – Perseids meteor shower

Perseids උල්කාපාත වර්ෂාව මෙම මාසය (2012 අගෝස්තු) තුලදී අහසේ ඔබට නිරීක්ෂණය කල හැකි ඉතා මනරම් සංසිද්ධියක්.   මෙය Swift-Tuttle ධූමකේතුව ආශ්‍රය කරගත් උල්කා වර්ෂාවක් ලෙස දැක්විය හැකියි. මෙයට Perseids ලෙස නම ලැබී ඇත්තේ මෙම උල්කා වර්ෂාවේ කේන්ද්‍රය හෙවත් අපට පෙනෙන පරිදි ආරම්භය ලෙස දිස්වන ස්ථානය  Perseus (පර්ශියස්) තාරකා රාශියට අයත් වීම නිසයි. සැබවින්ම මෙම නම  Perseides යන්නෙන් බිදී ආ කොටසක්.  Perseides යනු ග්‍රීක මිත්‍යා කතා වලට අනුව Perseus ගේ පුතණුවන්.
කුඩා කැබලි හා සුන්බුන් වලින් යුතු මේඝයක් ලෙස දිස් වන කොටස Swift-Tuttle ධූමකේතුවේ ගමන් පථය ඔස්සේ වැටී තිබේ. මෙම වලාව උල්කාවෙන් ගිලිහුණු අංශුන්ගෙන් සමන්විත වන අතර ඒවා වර්ෂ දහස් ගණනක් පැරනිවේ. Swift-Tuttle ධූමකේතුවේ ආවර්ත කාලය වසර 130 කි.

කතෝලිකයන් විසින් ශාන්ත ලෝරන්ස්ගේ කඳුළු ලෙස මෙම උල්කා වර්ෂාව හඳුන්වා ඇත ඒ අගෝස්තු 10 වන දින ශාන්තුවරයන්ගේ ජිවිත පරිත්‍යාගය සිදුවී ඇති බැවිනි. තවද මෙය නිරීක්ෂණය කිරීමේ ඉතිහාසය වර්ෂ 2000ක් දක්වා අතීතයට දිවයයි.
සාමාන්‍යයෙන් සෑම වසරකම ජුලි මැද සිට අගෝස්තු මැද දක්වා මෙම උල්කා වර්ෂාව දැකිය හැකි අතර එහි උපරිම අවස්ථාව අගෝස්තු 9 හා 14 අතර යෙදේ. උපරිම කාලයේදී පැයකට උල්කා 60ක් පමණ නිරීක්ෂණය කල හැක.

Sri Lankan Astronomy 
Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

One Response to පර්සේයිඩ්ස් උල්කාපාත වර්ෂාව – Perseids meteor shower

  1. ආ එල එල… පොඩි කාලෙදි බැලුවට පස්සෙ උල්කාපාත වරුසාවක් බලන්නත් බැරි උනා. පස්සෙ බලන්න හදපු ඒවයෙ සමහර වෙලාවට උල්කාපාතයක් බලන්න හැට පැයක් ඉන්න ඕන ඉතිං පොඩි කාලෙන් පස්සෙ හරි හමන් විදිහකට මේකක් බලන්න බැරි උනා. මේ පාර වත් බලමු 🙂

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s