ඇස රවටන මන්දාකිණි ගැටුම් – NGC 3314

ඉහත දැක්වෙන්නේ  හබල් අභ්‍යවකාශ දුරේක්ෂය මගින් ලබා ගන්නා ලද ඉතා දුර්ලභ ඡායාරූපයක්. එක මත එක පිහිටන අයුරින් අපට පෙනෙන මෙම මන්දාකිණි යුගලය NGC 3314 හා NGC 3314A ලෙස හදුන්වනවා. ඡායාරූපයේ මෙසේ පෙනුනත් මෙම මන්දාකිණි දෙක අතර දුර ආලෝක වර්ෂ බිලියන ගණනක්. තවත් විදියකින් කිව්වොත් අපේ ක්ෂිරපථය (Milky way) හා Andromeda මන්දාකිනිය අතර දුර මෙන් දහ ගුණයක පමණ දුර  පරතරයක් සහිතයි. පෘතුවියේ සිට බැලූවිට අපට හොදින් දැකගත හැකි සර්පිලාකාර බාහු සහිත මන්දාකිණියක් ලෙසත් NGC 3314A හදුන්වා දෙන්න පුළුවන්.

NASA ඇසුරෙන්

Sri Lankan Astronomy – Astronomy Srilanka 
Astronomy in Sinhala 
Posted in විශේෂාංග | Leave a comment

සිකුරු සංක්‍රාන්තිය නැරඹුවෙමු – VENUS TRANSIT 2012

සියවසේ අවසන් සිකුරු සංක්‍රාන්තිය දැන් අවසන්. බොහෝ පිරිසක් මෙය නරඹන්න ඇති. කොළඹ විශ්ව විද්‍යාලයේ ගණිත හා තාරකා විද්‍යා සංගමය හා එක්ව එම අවස්ථාවට එක් වෙන්න අපිටත් පුළුවන් වුනා.  ගණිත හා තාරකා විද්‍යා සංගමය  මගින් නිරීක්ෂණ මධ්‍යස්ථාන දෙකක් සංවිධානය කර තිබු අතර ඉන් එකක් කොළඹ විශ්ව විද්‍යාලයේත් අනෙක නැගෙනහිර වෙරල තීරයේ චීන වරායට ආසන්නයේත් පිහිටා තිබුණි. එමෙන්ම එම අවස්ථාව සජීවීව අන්තර්ජාලය හරහා විකාශනය කරන ලදී. විද්‍යා පිඨය තුල තිබු විකාශන මධ්‍යස්ථානය තුල සංක්‍රාන්තියට අදාල සංවාද මගින්ද දැනුවත් කිරීම් සිදුවිය.
එදින උදැසන කොළඹ අහස වළාකුලින් වැසී තිබුනත් දහවල් වන විට අහස පැහැදිලි වූ බැවින් විශ්ව විද්‍යාල සිසුන් ඇතුළු විශාල පිරිසකට සංක්‍රාන්තිය නිරීක්ෂණය කිරීමේ දුර්ලභ අවස්ථාව උදාවිය.

ත්‍රිකුණාමලය නිරීක්ෂණ මධ්‍යස්ථානයේදී ගත් ඡායාරූප

මෙම ඡායාරූප කොළඹ විශ්වවිද්‍යාලයේ ගණිත හා තාරකා විද්‍යා සංගමයේ කසුන් මුණසිංහ හා කසුන් ප්‍රනාන්දු විසින් ත්‍රිකුණාමලයේදී ලබාගත් දසුන්ය.
These photos are copyrights of Mathematical and Astronomical Society, University of Colombo. Publishing without prior permission is prohibited. Photo credit : Kasun Munasinghe, Kasun Frenando

කොළඹ විශ්ව විද්‍යාලයේදී ලබා ගත් ඡායාරූප

අන්තර්ජාල විකාශය මෙතනින් බලන්න

මෙම වැඩසටහන සාර්ථක කරගැනීමට දායක වූ කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා, කථිකාචාර්ය හිරාන් ජයවීර මහතා . සහය කථිකාචාර්ය මොනිකා මාධවී මහත්මිය, අධ්‍යයන සහකාරවරුන් වන අමල් නිශාන්ත මහතා, බුද්ධික ප්‍රියසාද් මහතා, ආසිරි සෙනෙවිරත්න මහතා ඇතුළු පිරිසට අපේ ස්තුතිය..
කොළඹ විශ්ව විද්‍යාලයේ ගණිත හා තාරකා විද්‍යා සංගමයේ ප්‍රසන්න දේශප්‍රිය, කසුන් මුණසිංහ ඇතුළු පිරිසත්  මෙහිදී මතක් කලයුතුයි..

අපේ පිරිවර- චේත්‍යා විදානපතිරණ , චාමික ගුණතිලක, නුවන්තිකා ප්‍රනාන්දු, චාන්යා දේශානි, මුදිත බණ්ඩාර

Sri Lankan Astronomy, Sinhala Astronomy
Posted in පුවත්, විශේෂාංග | Leave a comment

21 සියවසේ අවසන් සිකුරු සංක්‍රාන්තිය.- The-last Venus transit in this Century

21 සියවසේ අවසන් සිකුරු සංක්‍රාන්තිට තව දින කිහිපයයි.. ලංකාවේ අපට ජුනි 6 වන දින උදැසන මෙම දුර්ලභ අවස්ථාව නිරීක්ෂණය කරන්න පුළුවන්. එහෙත් අප හිරු දෙස බලන නිසා ආරක්ෂක උපක්‍රම භාවිතා කරන්නත් අමතක කරන්න එපා. හිරු දෙස බැලීමේදී අනුමත Filters හෝ හිරුගේ ඡායාව නිරීක්ෂණය වැනි ක්‍රම ඔබ අනිවාර්යෙන් භාවිතා කලයුතුයි. නැතහොත් ඔබේ ඇසට විශාල හානියක් සිදු වෙන්න තියන ඉඩකඩ වැඩියි.
පහත දක්වා ඇත්තේ එවැනි සුදුසු ක්‍රම කිහිපයක්.
1. අංක 14 හෝ වැඩි අගයක් සදහන් පෑස්සුම් වලදී භාවිතා කරන ආරක්ෂක කණ්නාඩි.
2. සුර්ය ග්‍රහණ නැරබීම සදහා විශේෂයෙන් සැලසුම් කර ඇති කණ්නාඩි.. (Eclipse glasses )
3.  විශේෂයෙන් නිමවා ඇති සූර්ය දෙනෙති හෝ දුරේක්ෂ..
4. සිදුරු කැමරාව.
පහත දැක්වෙන ක්‍රම කොහොමවත් භාවිතයට ගන්න එපා..
1. පහන් දැලි ආලේප කොට සකසා ගත් විදුරු කැබලි.
2. සූර්ය කණ්නාඩි.. ( Sun glasses)
පහත ලිපිත් ඔබට වැදගත් වේවි.
මෙම අවස්ථාව උපයෝගී කරගෙන අපට බොහෝ ගණනයන් කල හැකියි. උදාහරණයක් ලෙස Parallax Method  මගින් සුර්යයාට ඇති දුර ගණනය කිරීම දැක්විය හැකියි.
Sri lankan Astronomy, Srilanka Astronomy 
Posted in තාරකා විද්‍යා දැනුම | Leave a comment

ඔබ සූදානම්ද ?? Star Quest 2012

කොළඹ විශ්ව විද්‍යාලීය ගණිත හා තාරකා විද්‍යා සංගමය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන අන්තර් පාඨශාලීය තාරකා විද්‍යා දැනුම මිනුම තරගාවලිය මෙම වසරේදීත් Star Quest 2012 ලෙසින් ඔබ හමුවට පැමිණීමට සුදානම්..
පාසල් ශිෂ්‍යන් තුල ප්‍රයෝගික හා න්‍යායාත්මක තාරකා විද්‍යා දැනුම වර්ධනය කිරීම මෙහි අරමුන වන අතර, දිවයිනේ විශාල පාසල් ප්‍රමාණයක සහභාගිත්වය සහිත වූ මෙම තරගාවලියේ 2011 වසරේ ශූරතාවය කොළඹ නාලන්දා විද්‍යාලයටත්, අනුශුරතාවය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයටත් හිමි විය..තරගාවලිය පිළිබද තවත් තොරතුරු starskytk.info  තුලින් ඉදිරියේදී ගෙන ඒමට අපි සුදානම්. එමෙන්ම 2012 ජුනි මස 26 වනදින කොළඹ විශ්වවිද්‍යාල භූමියේදී පැවැත්වීමට සැලසුම් කර ඇති මෙම තරගාවලිය පිළිබද වැඩිදුර තොරතුරු 0779 663697 අංකය අමතිමෙන්ද ඔබට ලබාගත හැකියි..
මෙම වසරේ  Star Quest  කිරුළ ඔබේ පාසලට රැගෙන යෑමේ අභියෝගය ඔබ සතුයි.. ඔබ ඊට සුදානම්ද ??

Sri Lankan Astronomy,Astronomy in Sri Lanka
Posted in Uncategorized | Leave a comment

සූදානමින් සිටින්න – සියවසේ අවසන් සිකුරු සංක්‍රාන්තිය.

මීට පෙර ලිපියකින් අප ඔබට සියවසේ අවසන් සිකුරු සංක්‍රාන්තිය ගැන මතක් කර දුන්නා. එම මොහොත 2012 ජූනි මස 6 වන දින උදැසන හිරු නැගෙන මොහොතේදී ඔබට නිරීක්ෂණය කල හැකි වනු ඇති. එහි සජීවී රූප නැගෙනහිර වෙරළ තිරයේ සිට අන්තර්ජාලය (Web cast) ඔස්සේ ඔබ වෙත ගෙන ඒමට අප සුදානම්. තවත් වැඩිදුර තොරතුරු හා සජීවී දසුන් සඳහා starskytk.info සමග රැදී සිටින්න.

Posted in Uncategorized | Leave a comment

අඟහරු මත ජිවය සොයා – Mars Missions for life

පොඩි කාලේ අපි අහපු දෙයක් තමයි අඟහරු ලොවින් ආපු කුරුමිට්ටන්ගේ කථා. ඒත් මේවා ඇත්තද? බොහෝ අය විශ්වාස කළේ අඟහරු මත ජිවයක්‌ පවතින බව. ඒ නිසාම මේ කථාවේ සත්‍යතාව සොයන්න විවිධ මෙහෙයුම් අතීතයේදී ක්‍රියාත්මක වුනා. අනාගතයේදීත් මෙවැනි මෙහෙයුම් සිදුවේවි. පහත දක්වා ඇත්තේ එවැනි මෙහෙයුම් කීපයක සාරාංශයක්.

වයිකින් වැඩසටහන (Viking Program)




1970 දශකයේ අගභාගයේදී ජීව විද්‍යාත්මක පරීක්ෂණ විධි හතර බැගින් රැගත් අභ්‍යවකාශ යානා දෙකක් අඟහරු මත ගොඩබස්සනු ලැබීය. ඒවා වයිකින් 1 හා වයිකින් 2 නමින් හදුන්වනු ලැබේ. අඟහරු මත ජිවයක තොරතුරු සොයා පළමුවරට අඟහරු පෘෂ්ටය මතට යන ලද්දේ මෙම යානා දෙකයි.රොබෝ හස්තයක ආධාරයෙන් අඟහරු මතුපිට පස් ලබාගෙන ඒවා රේචනය කරන ලද පරීක්ෂණ කුටීර තුලට ගනු ලැබීය. මෙම යානා එකිනෙකට සමාන වූ අතර පෘෂ්ටයේ ස්ථාන දෙකකින් ලබාගත් සාම්පල පරික්ෂාවට ලක්කරන ලදී. වයිකින් 1 සමකය ආසන්නයේත් වයිකින් 2 ඊට උතුරට වන්නටත් ස්ථානගත කර තිබු අතර එහෙත් එමගින් ලබාගත් දත්ත අවිනිශ්චිත විය. ඒවා තවමත් විද්‍යා ක්ෂේස්ත්‍රයේ විවාදයට ලක්වෙමින් තිබේ.
බීගල් 2 (Beagle 2)




2003 වසරේදී යුරෝපානු අභ්‍යවකාශ ඒජන්සිය (ESA) මගින් දියත් කරන ලද  Mars Express  මෙහෙයුමට අයත් අසාර්ථක වූ බ්‍රිතාන්‍ය අඟහරු මෙහෙයුමකි. වර්තමානයේ හෝ අතීතයේ අඟහරු මත පවතින හෝ පැවති ජිවයක තතු සෙවීම එහි මුලික පරමාර්ථය විය. අඟහරු ආසන්නයට පැමිණිවිට යානය සමග තිබූ සියලු සබදතා ඇනහිටී බැවින් මෙහෙයුම අසාර්ථක විය.
අඟහරු විද්‍යාගාරය (Mars Science Laboratory)


අඟහරු විද්‍යාගාරය (Mars Science Laboratory) MSL, මේ වනවිටත් අඟහරු වෙත ගමන් කරමින් පවතී. 2011 නොවැම්බර් 26 වනදින නිකුත් කල මෙම යානය, අඟහරු මත ගේල් අවාටයට 2012 අගෝස්තු 6 වනදින ගොඩ බැස්සවීමට නියමිතය. අඟහරුට ජිවය පවත්වාගැනීමේ හැකියාව හෝ අතීතයේදී ජිවය පැවතියේද යන්න සොයා බැලීම මෙහි මුලික අරමුණු වේ. මෙයට අමතරව මිනිසුන් සහිත අනාගත අඟහරු මෙහෙයුම් සදහා අවශ්‍ය දත්ත ලබා ගැනීමද අරමුණකි. ඒවා අතර භුමියේ තොරතුරු, කාලගුණය හා වායුගෝලයේ තොරතුරු ඇතුලත් වේ.
වැඩිදුර කියවන්න.
එක්සෝ මාර්ස් (ExoMars)


යුරෝපානු අභ්‍යවකාශ ඒජන්සිය හා රුසියානු ෆෙඩරල් අභ්‍යවකාශ ඒජන්සිය(Roscosmos) එක්ව දියත් කිරීමට බලාපොරොත්තු වන මෙහෙයුමකි. අගහරු මත ජීවයේ සලකුණු සෙවීම අරමුණු කරගත් මෙය 2018 දී ක්‍රියාත්මක වනු ඇත. මෙය මේ වනවිට සංවර්ධනය කරමින් පවතින ව්‍යාපෘතියකි.

රතු මකරා (Red Dragon)





2018 දී ක්‍රියාත්මක වීමට අපේක්ෂිත මෙම මෙහෙයුම නාසා ආයතනයට අනුබද්දව සිදුවනු ඇත. වියදම් අඩු අඟහරු ජීවි ගවේෂණ ව්‍යාපෘතියක් ලෙස හැදින්වේ. 2012/2013 වර්ෂ සදහා මුදල් ලබාගැනීමේ අරමුණින් මෙම වසරේදී මෙම සංකල්පය නාසා මගින් ඇමරිකානු රජයට ඉදිරිපත් කිරීමට නියමිතය.මේ පිළිබද වැඩිදුර තොරතුරු ඉදිරියේදී තවත් අපට දැනගත හැකිවේයැයි අපි බලාපොරොත්තු වෙමු.

Sri Lankan Astronomy
Astronomy in Sinhala
Posted in Uncategorized | Leave a comment

වඩා හොදින් සෙනසුරු නිරීක්ෂණය කරමු – See Big and Bright Saturn

කලින් ලිපියේ කිව්වා වගේ අද සහ හෙට (2012 අප්‍රේල් 14 හා 15) ඔබට ඉතා හොදින් සෙනසුරු නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ සෙනසුරු හෙට (15) Opposition අවස්ථාවට පැමිණීමත් සමගයි. Opposition යනු සෞර්යග්‍රහ මණ්ඩලයේ පෘතුවියට පිටතින් ඇති ග්‍රහලොවක් සුර්යා හා පෘතුවිය සමග ඒක රේඛියව පිහිටන අවස්ථාවක් ලෙස සරලව හැඳින්විය හැකියි. මෙහිදී ග්‍රහලොව හා සුර්යයා අතර පෘතුවිය පිහිටයි. පහත රූපය බලන්න.

හෙට දිනයේදී සෙනසුරු පෘතුවියට ඉතා ආසන්න වන අතර එහි වළලු අපට දෘශ්‍ය වනුයේ අංශක 13 ක ඇලවීමක් සහිතවයි. නිරීක්ෂණය සදහා ඔබ සතුව දුරේක්ෂයක් ඇත්නම් එය රාත්‍රීය උදාවන කාලයේදී නැගෙනහිර හා ගිනිකොන අහසටත් මධ්‍යම රාත්‍රියේදී දකුණු අහසටත් යොමු කල යුතුයි. සෙනසුරු කන්‍යා රාශියේ Spica නම් දීප්තිමත් තාරකාවට ආසන්නයෙන් ඔබට සොයාගත හැකි වේ. ඔබ සතුව දුරේක්ෂයක් නොමැතිනම්  slooh වෙබ් අඩවියෙන් ඔබට මෙම අවස්ථාව 16 වනදා 07:00  (01:30 UTC (April 16th))  සිට දකින්න පුළුවන්.

Posted in තාරකා විද්‍යා දැනුම | Leave a comment